Wednesday, August 21, 2013

දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, බාරත ලක්ෂ්මන්, තිලංග සුමතිපාල සහ කුඩු

ශ්‍රී ලංකාවේ මත කුඩු බාවිතය ඉහල යන්න මුල් වන කාරණා ගෙන හොයල බැලූවොත් මුලින්ම කියවෙන්නේ ඔය උඩින් තියන නම් ටික තමයි එක්කෙනෙක් නම් දැනට මේ ලෝකේ නෑ කුරුත් දන්නවනේ ඒ කෙස් එක ගැන ආය ඉතින්  පරණ කුණු ගොඩ අයුසන්න ඕනේ නෑ නෙ කෙටියෙන් කියනවනම් දුමින්ද සිල්වා බාරත ට වෙඩි තියල මැරුව මහා දවල් මහා පාරේ හෙමදම වගේ ඉතින් ඊට පස්සේ පොඩි නාටියක් නටල ඔන්න දැන් අය දුමින්ද සිල්වා එලට ඉන්නවා

කුඩු දුමින්දද, කුඩු බාරතද 

දැන් හැමෝම කියන්නේ දුමින්දය කුඩු දුමින්දය දුමින්ද තමා හැබැයි කයුරුත් දන්නේ නෑ බාරත තාම මුලින්ම මුල්ලේරියාව කුඩු ගෙනාවේ කියන එක 

Sunday, August 18, 2013

මහින්ද රාජපක්ෂ වැරදිද 

පළාත් 3ක චන්ද සටන හෝ ගාල යනවා  හෙමදම වගේ මේදා පාරත් වයඹ චන්දය තමා දරුනුවටම යන්නේ 
හතර පැත්තෙන්ම ලස්සන ලස්සන කතන්දර එහෙනවා අහන් ඉන්න ආසයි. මෙදා පාරත් ඉතින් ආණ්ඩුව දිනනවා එක අනිවා ඩෙෆා ෂුවර්. ඒ උනාට මොකෝ යූ ඇ පි එකත් ගේම ඇත ඇරල නෑ මේ පාර රතුපස්වලයි  කටුනායක කටුවන හලාවත ඔය ඔක්කොම සීන් ටික පිටින් දාල ආණ්ඩුව වට්ටන හදනවා (මටනම් ඕව ඇහෙනකොට පස්ස පැත්තෙන් හිනා යනවා හෝ ගාල මොකද ඔය දේවල් ගැන රෙද්දක් ඇන්දල  කතාකරන්න ඔය කාටවත් අයිතියක් නෑ ) ගේමක් නැතුව දිනන්න තිබ්බ මෙදා පාර චන්දෙ අර රතුපස්වල සීන් එක නිසා නිකන් නා ගත්ත. මටත් ආණ්ඩුව ගෙන ලොකු කලකිරීමක් ආව ඔය සීන් එක නිසා මමනම් ඕවට කියන්නේ ඉල්ලන් පස්සේ පැත්තේ මාර්මයිට්  ගාගන්නවා කියල 
            2005 චන්ද ලක්ෂේක පරතරයකින් දිනපු මහින්ද ජනාදිපති ප්‍රබාකරන් උතුරේ මිනිස්සුන්ට චන්දෙ දෙන්න දුන්නනම් සමහරවිට පරදින්න ඉඩ තිබ්බ නමුත් ඔහු ජයගත්තා ශේප් එකේ රට පාලනය කරපු ඔහුට  යුද්දය (3න් 2ක) ජය ගැනීමට සමහර තීරණ ගන්න උනා. ආන්ඩුවට පනින මන්ත්‍රී වරනුන්ට ඇමතිකම් ලබාදීම තම  සහෝදරයන්ට ඇමතිකම් සහ ඉහල තනතුරු ලබාදීම ඔය අතර  ඉස්සරහින්ම ඉන්නවා 

ගෙම්බන්ගේ ආගමනය 

මහින්ද ජනාදිපති අනිත් පාලකයෝ වගේ නෙවේ යුද්දේ වවාගෙන කෑවේ නෑ දෙන්න ඕනේ එක දුන්න අය කරටි කෙඩේන්න යු ඇ පි එකේ හිටපු කස්ටියට තේරුණා මේ යුද්දේ පිට දාල ආන්ඩුවට පෙන්නනම් කල්ල මරේ කියල ඔන්න කස්ටිය ඩොo ගාල පැන්න මේ පැත්තට පැනල දුන්න උත්තරේ තමා අපි අව ජනාදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්න කියල ඔන්න ආව දවසේ ඉඳල රනිල්ට අම්ම මුත්ත මතක් කරලා බනිනවා යකෝ හරි උන් ටිකක් එවිත් බැන්නනම් කමක් නෑ අහන ඉන්න පුළුවන් ඉන්න ලොකුම හොරු ටික ආන්ඩුවට ඇවිත් රනිල්ට බනිනවා ඔන්න එදා ඉඳල ආණ්ඩුවේ රෙදි සෝදන එක කරන්නේ මේ පැනපු සෙට් එක තමා 

රෙදි හේදීම 

අඩේ  මගේ මොලේට එන විදිහට ඔය යු ඇ පි සෙට් එක්ක එන්න ඉස්සර ආණ්ඩුව මාර හොඳින් නෙ තිබ්බේ 
බන්දුල ලොක්ක ඇවිල්ල අද්‍යාපනයට කෙලිය ජොනිය ඇවිල්ල බඩුමිලට කෙලිය රාජිතය ලංකාවේ මුහුද චීනෙට දුන්න දුමින්ද්දය කුඩු ගේනවා එකී මෙකි නොකී සියලුම ජඩ වේද කරලා තියන්නේ යකෝ යු ඇ පි කරයෝනේ බලන් ගියාම එතකොට මුන් අවේ ජනදිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නද නැත්තන්  මහින්දව නැති කරන්නද  මේ ඔක්කොටම මුල උනේ  ජේ ආර් මහතාගේ කලේ ඉඳන් ප්‍රේමදාස මහත්තාගේ කලේ වෙනකන් ඔක්කොම කරේ මීනිමරු ජාඩ් වැඩනෙ ඒ සෙට් එක අඋරුදු ගානක් ගිහින් මහින්ද මහ්තය ලඟට ආවමත් එටිකම කරනවා කෙහිලිය ලොක්ක අම්ම මෝ නෑ කියල රෙදිහොදනවා කාට කියන්නද මේවා 

පවුලක් නඩත්තු කිරීම 

(නාමල් යෝශිත් රෝහිත) යකෝ මුනුත් අපි වගේ කොල්ලෝ උන්ටත් අසවල් තියනවා අප්පා ජනාදිපති කියල මුන් මොනා කරන්නද  හරි දැන් අපේ අප්පා ජනාදිපති උනානම් අපි ඒ පවර් අරන් පිස්සු කෙලින්නේ නැද්ද ආණ්ඩුව බදුසහන දීල තියනවා ඒවාට මොකෙක් හරි ඉටිකිරිස් කාර් කටුවක් ගෙනාවොත් ඒවා මහින්දගේ පුතාලගේ අනේ මෙහෙම රටක් අන්න කටියටම පෙන්න මම දාන්නම්  ලංකාවේ තියන සුපිරි වහන ඒව කාගේද කියලයි 
2012 ලම්බෝගිනි L P 560  දිලන්ත මාලගමුව
අනිත් ලම්බෝගිනි ඔක්කොම ශෝරූම් එකේ ඒවා හරිද 
ප්‍රාඩෝ crisler ලිමෝ  ප්රෙස්ටිග් ලිමොසින් ස්ටුඩියෝ 3000 සහ  lovers asp ලියනගේ ගාවත් එකක් තියනවා 
ෆෝර්ඩ් කමරෝ ශේවි corvet කෙඩිලක් එසකුඩෝ  ප්රෙස්ටිග් ලිමොසින් 
ෆෙර්රාරි අරවින්දද සිල්වා සහ අනිත් 2k ප්ලාන්ටටේෂන් හොටෙල්  ලාගේ
රෝල්ස් රෝඉස් අලුත් එක ප්රෙස්ටිගේ ලිමොසින් පරණ ඒවා ටික ඔක්කොම  ප්ලාන්ටටේෂන් හොටෙල්  ලාගේ
ඇස්ටන් මාර්ටින් එකක් දොස්තර කෙනෙක්ගේ අනිත් එක ජයන්ත දර්මදසගේ 
ටව ගොඩක් වාහන ලංකාවට ගෙන්නනේ වම පස දකුණට හැරවීමට ඒවා හදල ඉවර උනාම අපහු වෙන රටවලට යනවා 
ලංකාවේ ඓර්ටෙල් එකවත් එටිසලාට් එකවත් මහින්ද රාජපක්ෂලාගේ නෙවේ 
අපි හැමදෙනම අපිට බලය තියනවනම් ඒවා පරිහරණය කරනවා එක නිසා මහින්දගේ දරුවන්ට බනින එකට මම විරුද්දයි මොකද ප්‍රේමදාස ගේ කලේ එයාගේ පුතා (සජිත් ප්‍රේමදාස තමා ) රට වටේ නිදන් හැරුව කරන්න ඕනේ දහපදුර වැඩ ඔක්කොම කරලා දැන් ඉන්නවා සිල් ගත්ත පූස වගේ අනේ යකෝ තමාගේ ගැනී පරිස්සම් කරන්න බැරී එකා එනවා මගුල් කියවන්න ගොපිල මෙතැනට මම බැසිල් ගෝට චමල් නිරූපමා හෙන අමුතුවෙන් කියන්න දෙයක් නැ නෙ  චන්ද්‍රිකා ජනාදිපති අම්ම අගමැති මල්ලි පාර්ලිමේන්තුවේ හිටපු කාලෙකුත් තිබ්බනේ එක නිසා මේවට බෙනල වැඩක් නෑ කයුරු අවත් කරන්නේ තමන්ගේ උන්ව පෝෂණය කරන එක තමා 

ඕනෙම කෙනෙක් තමන්ට අසීමිත බලයක් අවම එක හිතූමතේ පාවිච්චි කරනවා එක නිසා නාමල් ලට යෝශිතලට බනින්න බැ මොකද මේක උන්ගේ වෙරද්ද නෙවේ ඔතන අපි හිටියනම් කරන්නේත් ඕක තමා 
3න් 2ක ගන්න කියල මහින්ද මහත්තය යු ඇ පි අයව ගට්තට මොකෝ  උන් කරන්නේ ඉහේ ඉඳන් කන කන එක තමා ඔය ගොන්රෙල ගිහින් ටිකක් යමක් කමක් දන්නා කැටියක් බලයට අවොත් නම් මේ රට දියුණු වෙයි නෙත්තම් නම් හබක් තමා 
රතුපස්වල කටුනායක හලාවත කටුවන වෙචච සියලුම ජිවිත හානි වලට වගකියන්න ඕනේ දැන් ඉන්න සන්දාන ආණ්ඩුව තමා  වෙන මොකෙක්වත් නෙවේ නමුත් එකට බනින්න ජැ වී පෙ ටවත් යු ඇන් පි යටවත් බැ මොකද ඒ අය මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනසකරලා තියනවා මේවට ආන්ඩුවට බනින්න පුළුවන් අහිංසක මහජනතාවට විතරයි
මේ ඔක්කොම සලකල බලද්දී මට හිතෙන්නේ නම් මහින්ද ජනාදිපති හොදයි නමුත් එතුමාට කොහේ හරි වැරදිලා තියනවා එක නිසා තමි අතල් එකට කිරි ටොයියා වගේ තිබ්බ ආණ්ඩුව මෙචර චා
උනේ

ප/ලි  දැන් හෙමෝම හිතයි  මුනම් සිරා ආන්ඩුවට කඩේ යන එකෙක් කියල හෙබෙඉ මම එහෙම නැ හොඳට හොඳයි කියනවා නරකට කුනුහබ්බෙන්ම බනිනවා

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල්  ඔබ සැමට ජය 
comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

Saturday, August 17, 2013

දී ර්යිස් ඔෆ් ගෝනවල සුනිල්

   නම                                    :- ගෝනවල සුනිල් නොහොත්  කෝට්ටේ සුනිල් 
   වයස                                  :- ??????????
   අධ්‍යාපන සුදුසුකම්              :-  මිනීමැරුම් 60 
                                                 කප්පන් ගෙනීම් 15 
                                                  සිත්‍රී දුෂණ  20  
  රැකියාව                                :- මුළු දිවයිනටම බලපාන සාම විනිසිරු  / නිල නොලත් අධ්යාපන අමැති                                                                                                                                         ජේ ආර් පාලන සමය 
   විශේෂ කුසලතා                   :- වැලිකඩ සිපිරිගෙය තුල සිරකරුවන්  53ක් ඝාතනය කීරීම 
                                                 වයස අයුරුදු  14ක දැරියක් දුෂණය කොට දඬුවම් ලබා  නිදහස් වීම
   ඈප කරුවන්                        :- ගරු රනිල් වික්රමසින්හ එවකට අධ්‍යාපන අමැති                                                                                                        / ගරු ජේ ආර් ජයවර්දන හිටපු ජනපති

මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ අලුත්ම බැට්මෑන් චිතරපටිය ගෙන නම් නෙවෙයි 1970 සිට 1990 කාල වකවානුව වෙනකන් මේ රටේ ඉහලින්ම රජ කරපු පාතාල ලෝකේ නායකයෙක් ගෙන තමා මට මේ පොස්ට් එක ලියන්න මුල්ම අදහස අවේ අපේ රනිල් මහත්තය කියනවා මේ දවස් වල ආණ්ඩුව රටේ ඉන්න හොරුන්ට මංකොල්ල කාරයන්ට ජනාදීපති සමව දෙනවා කියල අනේ මන්ද එතුමා එක පාරට හීනෙන් නෙගිටල වගේ කතා කරන්නේ එතුමාට මතක න ගෝනවල සුනිල් කියන තමන්ගේ ආරක්ෂකයා අයුරුදු 14 පොඩි ගැහැනු දරුවෙක්ව දුෂණය කරලා හිරේ ගියාම අපේ ජේ ආර් ජයවර්දන ජනාදිපති තුමා තමන්ගේ සුපිරි බලය යොදල ජනාදිපති සමාවක් සමගේ ඔහුව නිදොස් කොට නිදහස් කරපු හැටි එහෙම කරලා නිකන් හිටිය නම් තව කමක් නෑ ඒ හෙන එහුවම කියුව මට බලය තියන නිසා මම කරා කියල  ඔන්න unp ජනාදිපතිලගේ තරම 
මටනම් ඕව අහනකොට පිස්සු වගේ අර කතාවක් තියන්නේ කිඹුලා කනවා ඉවස්සන පුළුවන් කොහිල කටු එනෙන එක ඉවස්සන්න බෑ කියල 
              ගෝනවල සුනිල් කියන්නේ ජේ ආර් ආණ්ඩුවේ හිටපු සුපිරි බුලට් එක මොලේ බින්දුවක් නෑ ලොක්ක කියන්නේ මොකද්ද ඒ දේ කරනවා  සෝ ස්වීට් ආන්ඩුවට ඕනේ නැති කට්ටිය නැතිකරන්න බයකරන්න ඔය ඕන වැඩකට සුනිල් ලොක්ක ඔට්ටුයි. දැන් වගේම තමා ඉස්සරත් රනිල් මහත්තයට කොන්දක් කියල එකක් තිබ්බේ නෑ  ඔන්න ඔහේ ඉන්නවට හිටිය තමුන්ට දීල තිබ්බ අද්‍යාපනය අමතන්ශය රන් කෙරුවේ නිල නොලත් ගෝනවල ඇමතිතුමා ගෝනවල ඇමතිතුමා කියන්නේ මොනාද එක තමා උනේ 
කළු ජූලි කලේ වැලිකඩ හිරගෙදර හිරකරුවෝ 53ක් විසා  නැතුවම එලවට ඇරියේත්  සුනිල්ම තමා ඔය වගේ ගොඩාක් අද්යාපන සුදුසුකම් සපුරා ගත් සත්ගුණවත් ගෝනවල සුනිල් මහතා වයස අයුරුදු 14ක කුඩා දැරියක් දුෂණය කිරීමේ වරදට 1982 හිරේ යනවා ගිහින් වැඩිදවසක් ඉන්නේ නෑ ජනාදිපති සමව හම්බවෙලා එලියට එනවා නිකන් නෙවෙයි මුළු දිවයිනටම බලපාන සමාදාන විනිශ්‍යකාර පට්ටමකුත් අරන් ( දැන් තියන අන්ඩුව මෙහෙම නරක වෙන්න මුල්වෙලා තියන්නේ අතීතයේ මේ සිද්ද උන නරක ආදර්ශ කියල තමා මට හිතෙන්නේ )  ඔහොම ඒ දවස්වල ආන්ඩුවට ජැක් එක ගහල  හිටියට 1994 ආණ්ඩු පෙරලුනම ගෝනවල සුනිල්ටත් කන කොකා හැඩලුව 
                   රජ කම් කලත් කළකම් පල දෙනවා කියන්න වගේ අන්තිමට තමන් කරපු වැරදිවලට පොලිසියට කොටුවෙනවා 2000 අයුරුද්දේ කැලණිය පොලිසියෙන් තවත් 4 දෙනක් සමග පැනල යන ගෝනවල සුනිල් පොලීස් වෙඩි පහරින් මිය යනවා 2000 මැයි  මාසේ 20   ගෝනවල සුනිල්ගේ ගෙදර වටලලා ඔහුව අත්අඩංගුවට ගන්න යද්දී පොලිසියට ජීව අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරීම නිසා මිරිහාන පොලිසියේ එවකට සිටි   I P මුදිත නිශාන්ත ප්‍රමුක පොලීස් කණ්ඩායමේ වෙඩි පහරින් ඔහු මිය යනවා  

ශ්‍රී ලංකා පතල ලෝකේ තවත් එක දෑවන්තයකුගේ මරණයත් සමග ලංකා ඉතිහාසේ තවත් එක  අඳුරු යුගයක දේශපාලන උවමන එපා කම් වලට සිද්ද වෙච අපරාද ගණනාවක් ඔහුත් සමග වල පල්ලට යනවා  දැන් ඔය ආන්ඩුවට කෑ ගහන රනිල් මහතාගේ රහස් ගණනාවක් එළිවෙන්න තිබ්බ ගෝනවල සුනිල් අදිකරණය හමුවට පැමිනියානම්  
                     අද මේ රටේ පවතින රජයට විරුදාව කෑ ගහන ගොඩක් අයට එයාලගේ අතීතය අමතකයි බටලන්ද වදකාගාර  මුකුත් මතක නෑ කස්ටියට ඔහේ කෑ ගහනවා ආණ්ඩුව පෙරලනවා කියනවා යකෝ ආය පෙරලලා 89 වගේ රටේ මිනිස්සු අමු අමුවේ මරන්න දෙන්න ඕනෙද ????? තීරණය ඔබේ අතේ 

මගේ ඒකමතික නිගමනය නම් දැනට ශ්‍රීලංකා දේශපාලනයේ ඉන්න ඔක්කොම හොරු මංකොල්ල කාරයෝ මැරයෝ මිනීමරුවෝ  එක නිසා කුරු අවත අහිංසක ජනතාවට වෙන සෙතක් නම් නෑ

ප/ලි  මේ පොස්ට් එකේනම් මම නොසෑහේන්න ආන්ඩුවට කඩේ ගියා ,බලන්නකෝ අපේ ජේ ආර් ජනාදිපති තුමාගේ මනමාල හිනාව 

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල්  ඔබ සැමට ජය 
comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)

රතුපස්වලදී මොකද ඇත්තට උනේ

මිනිස්සු වතුර ඉල්ලුව ආණ්ඩුව මිනිස්සුන්ට ගැහුවා  මේක  තමා අපි ඔක්කොම දන්නා දේ. ඔය අතරේ 3වෙනි පාර්ශව අවා කියනවා  ආණ්ඩුව එක එක කතා කියනවා. විපක්ෂය තව කතා කියනවා.  ඔය අතරේ පුවත්පත් සහ වෙබ් අඩවි තව තව කතා කියනවා.  මේ කතා වලින් සමහරක් ඇත්ත  සමහරක් බොරු මේ සියලු දෙනා බලන්නේ තමුන්ගේ බඩ වියත  රැකගන්න මිසක්  මේ සිද්දියෙන් හානියට පත් වෙච අයට සහනයක් සැලසීමට නෙවෙය්.
         මේ සිද්දියට මුල් වෙන රබර් කර්මන්තෂාලාව අය්ති වෙන්නේ   ලංකාවේ ඉන්න ලොකුම සල්ලිකාරය නොහොත් ශ්‍රිලංකාවේ කොටස් වෙළඳපොලෙන් 10% වැඩ වැඩි ප්‍රමාණයක් තමුන්ගේ තනි අය්තිය තියන රජයේ අමතයන්ශයක ලේකම්වරයෙක් වන දම්මික පෙරේරා මහතාට. සමානය වශයෙන් රබර් කර්මතශ්ලාව රබර් පදම්  කිරීමට විශාල වශයෙන් ඇසිඩ් යොදාගැනීමට සිදු වෙනවා මෙම ඇසිඩ් සියල්ල සෝදා ඉවත් කෙරීමට යොදාගන්නේ පිරිදු ජලය. දවසකට මෙවෙනි පිරිසිදු ජලය ලීටර ගණනාවක් ඇසිඩ් සමග මිශ්‍රවී අපවිත්‍ර වෙනවා මේ සා විශාල ජලය ප්‍රමාණයක් බැහැර කීරීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කිරිය යුතු උනත් මෙම කර්මාන්තශාලව විසින් කර තිබෙන්නේ අපිරිසිදු ජලය බූගත කොන්ක්‍රීට් ටැංකි තුල එක රැස් කිරීම පමණි  කාලයාගේ ඇවෑමෙන් කොන්ක්‍රීට් තට්ටුව ඇසිඩ් වලට දිය වීම නිසා මෙම අප්රිසිදු ජලය පොලවට මිශ්‍ර වී ඇත ඔන්න ඕක තමි කෙටියෙන් තේරෙන සිංහලෙන් කිඋවොත් වෙලා තියන්නේ 
ඕනෑම මෙටි පූසෙකුට තේරෙනවා කොන්ක්‍රීට් ටට්ටුවක් දිරන්න තරම් කොච්චර ඒ  ඇසිඩ් ප්‍රබලද කියල ඒ වගේම කොචර කාලයක් තිස්සේ මේක වෙන්න ඕනෙද කියලත් කොම්පැනි කාරයෝ කියන්නේ එයාලට අර සහතිකේ තියනවා මේ සහතිකේ තියනවා කියල මේක ලංකාව ඕනෙම කෙනෙකුට සල්ලි මිටියක් දුන්නම ඕන විදිහේ සහතික ගන්න පුළුවන් රටක් තමා  ලංකාව කියන්නේ 
       සාමාන්‍ය මනුසයකුට තියන්න ඕනේ මූලික අත්‍යාවශ්‍යයතාවයන් 5න් එකක් තමා පිරිසිදු පානීය ජලය කියන්නේ එක ලේබෙන්නේ නැති උනාම එම අයිතිය ඉල්ලන්න ජනතාවට අයිතිය තියනවා එක නවත්වන්න කාටවත් බෑ හොඳින් කිඋව ලියුම් දැන්මා කිසි එකකට හරි පිළිතුරක් ලබාදෙන්න රජයට උවමනාවක් තිබ්බේ නෑ චන්දෙට ඇත දිගෙරලා වියදම් කරන්න පුළුවන් කෙනෙක්ව තරහ කරගන්න ආන්ඩුවට උවමනාවක්  නෑ
ඇසිඩ් වතුර බීපන් කියල ජනතාව නොසලකා හැරිය ආණ්ඩුව අන්තිමට ජනතාවට පාරට බහින්න සිද්ද කරා
හරි දැන් කුඩා වැරදි ආණ්ඩුවද ජනතාවද ? දීපල්ලකෝ උත්තර 
     ඔන්න ජනතාව දැන් පාරට බැස්ස  ඔන්න දැන් හුරේ කියල පිකටින්  කරනවා හරි දැන් ඔන්න ආණ්ඩුව ටිකක් රත් උනා රත් උනා නෙවේ  රත් කරා  කොම්පනී අයිතිකාරය එයා බය  උනා මිනිස්සු  තමන්ගේ  කර්මන්තශලවට ගිනි තියයි කියල චාල්ල් එකක් දුන්න මැරවින් ආචාර්ය තුමාට ගිහින් පොඩ්ඩක් වැඩේ ශේපේ කරලා දෙන්න කියල පොරත් ගියා ජනතාවට කතා කරා වැඩේ පොඩ්ඩක් අබ්ලික් කියල තේරුණා නිසා කර්මාන්තශාලාව දවස2 කට වහන්න කියුව දවස් 2න් පස්සේ විසදුමක් දෙනවා කියුව ඔන්න අපේ ජනතාවත් මැරවින් ආචාරය තුමා දුන්න රෙද්ද කපල මහගෙනම ඇදගත්තා පොර මේ අස්සේ ශපේ එකේ ස්ටෝච්ක් ටික තියන ලොරි ටික පන්නගත්ත එලියට  හරි දැන් ඔන්න වේදේ සනීපයි  කියල සියලුදෙනාම සන්ටෝසෙන් විසිර ගිහින් ටවත් දවස් 2ක් ඇසිඩ් වතුර බිඋව්ව ඔන්න දැන් දවස් 2ක් ඉවරයි තාම හරි උත්තරයක් නෑ
     හරියන්නේ නෑ මේක කියල ගම 10ක් මිනිස්සු එකට එකතුවෙලා ඔන්න තිබ්බ අතිදෙවන්ත උත්ගොෂනයක් ඔන්න දැන් නුවර පාරත් වහල හරිද  පොලිසියේ මාමලට කරන්න දෙයකුත් නෑ දන්නා දන්නා බොරු ඔක්කොම කලින් කියල ඉවරඉනේ  දැන් කියන්න දේ කුත් න ඔන්න කිඋව විනිසුරුතුමා අවසර දුන්නේ  නෑ කර්මාන්තශාලාව වහන්න කියල ඔටනට අව අපේ පැරණි ගායක සහ කොළඹ අපරාද පරීක්ෂා දෙපර්ටුමෙන්තුවේ ප්‍රදානිය  වන අනුර සේනානායක මහතා ( කන්ගේට්ට කතාවේ නිර්මාතෘ තුමා තමයි) පොරත් බෙලුව කෙස් එක අලවෙලා තියන නිසා එතුමාට කරන්න දෙයක් නෑ  ඔන්න එතුමට කෝල් එකක් එනවා  
අනුර මහතා :-  හරි සෑර්, ok සෑර්, නෑ සෑර් 
අනනොනිමුස් :- ඔක්කොටම ගහල දානවා  මම දැන් ටීම් එකක් එවනවා
අනුර මහතා :- ok සෑර් අපි යන්නම් හරි සෑර් 
කෝල් එක කට් උනා ඔන්න  විනාඩි 10ක් ගියේ න ඉටිකිරිස්  ජීප්  එකක් ආව ඔන්න බැස්ස අපේ බ්‍රිගේඩියර් දේශප්‍රිය මහතා නෙග්ග ජීප් එකේ උඩට විනාඩි පහකින් ජනතාව විසිර ගියේ නැත්තන් ගහනවා කියුවා විනාඩි 2ක් ගියේ නෑ ඔන්න දෙන්න පටන් ගත්ත සබ්බුව අය නෑ අම්මගෙන් බිඋව කිරි මතක් වෙන්න යකෝ මෙහෙම ගහනවා කිවනම් මැරුනත් වතුර ඉල්ලනේ නෑ හමුදා මාමලත් කාලෙකින් නේ අතේ පයේ හිරි එරගන්නේ ඔන්න දෙන්නව කට්ටිය මදි නොකියන්න ඒ මදිවට ගත්ත  ටි56 තියාගෙන තියාගෙන ගිය වටේටම ආය නෑ වෙල්ලමුල්ලි වෛක්කාල් පරාදයි ෆොටෝ අල්ලන දුන්නේ නෑ ෆොටෝ අල්ලපු අයටත් ගැහුවා   එලව එලව ගැහුවා හරි ඔන්න දෑන එකත් ඉවරයි 3ක් මැරුණා ඔක්කොටම හැපී දැන් ජනතාවට ටොපිය දුන්නනේ සියලු දෙන සතුටෙන් විසිර ගියා 
ඔන්න දෑන් එනවා කාක්කෝ සෙට් එක ඒ කියන්නේ මේ සිද්දියෙන් දේශපාලන වාසි ගන්න සෙට් එක  බලනවා උනේ මොකද්ද කියල තනි ඇහැට ඇඩේන කතාවක් කරනවා  සාදාරන පරීක්ෂයක් ඉල්ලනවා ආන්ඩුවට පලු යන්න බනිනවා යනවා ඔන්න දැන් ආණ්ඩුව එනවා එක එක කතා හදනවා වෙඩි තිබ්බේ නෑ කියනවා 3වෙනි පාර්ශවයක් හිටිය කියනවා රුපවාහිනී නාලිකාවට එවිත් ඇහේ පත්තු වෙන්න පච කෙලින්නවා ආය නෑ ඉතින් කොමඩි සාගරක් 

අදට දව 18ක් ගත වෙනවා  තාම උත්තරයක් නෑ තාවකාලික විසදුම් ටිකක් දීලා තියනවා එකත් මරණේ උණුහුම මැකෙනකන් විතරයි 

අවසාන නිගමනය නම් සල්ලි කොච්චර තිබ්බත් අර අහිංසක අම්මලට තාත්තලට තමන්ගේ දරුවෝ අපහු ගෙන්න පුලුවන්ද??? මාස 9ක් පුංචි අතදරුවට තමන්ගේ තාත්තාව අපහු ගෙනත් දෙන්න පුලුවන්ද??? රතුපස්වල ජනතාවට පිරිසිදු වතුර බොන්න අයිතියක් නැද්ද ????  වෙරදී කරපු අයට දඬුවම් දෙන්නේ කවද්ද ???  කියන්න මට වචන නෑ ඉතුරු ටික එච්චරට හිත කලකිරිලා තියන්නේ 

කෙහෙළිය  ඇමතිතුමෝ ඔබ තුමා කතා කරන්නේ පස්ස පැත්තෙන්ද කටින්ද කියල මට තේරුම්ගන්න  බැ   ඔබ තුමටත් දරුවෙක් ඉන්නවා නේද ඒ දරුවට මොනාහරි උනොත් ඔබට දෑනෙන දුකම තාම අනිත් මිනිස්සුන්ටත් දෑනෙන්නේ  
අනුර සේනානායක මහත්තයෝ දැන්වත් කඩේ යන්නේ නැතුව ගෙදර යන්න නැත්තම් ඔය යන එනවෙලාවක ඔබ තුමාව පොලව පලන් යයි කියන පච වලට ඔබ තුමාගේ පුතාට නිකරුනේ වෙඩි තියල මරල ආණ්ඩුවෙන් මළගෙදර ඉහලින්ම කරන්නම් කියුවොත් ඔබ තුමාට මොන හිතේ ද නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 
අනිත් කස්ටියටනම් කියන්න තියන්නේ යන දිහාවකට  යන්න රෙඩ් වෙන්න කියල තමා මොකද ඔයාල පරම්පරා 7කට පඋ පුරවන් ඉවරායි  

මේ අවාසනාවන්ත සිද්දියෙන් මියගිය සහ තුවාළ ලබපු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි 
සහ අවසාන වචයෙන් මේ ප්‍රහාරයට 100% වගකියන්න ඕනේ ඕනේ මේ ආණ්ඩුවම තමා  වෙන කයුරුත් නෙවෙයි එක තමා තිත්ත ඈත්ත 
මොකද මේ කතාව කියන්නේ ආන්ඩුවට කඩේ යන මම විසින්ම නිසා 

ප/ලි මේ දල තියන් ෆොටෝ එක අන්ටර්ජලයෙන් උස්සපු එකක් ඔය පිකටින් එකටි මගේ බ්ලොග් එකටි කිසි සම්බන්දයක් නැත  

අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල්  ඔබ සැමට ජය 
comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)


Friday, August 16, 2013

අහින්සක දෙමළ ජීවිත ගණනාවක් විනාශවීම 

අයුරුද්ද :- 2000  මාසය :- ජනවාරි  සිට ඔක්තෝබර් දක්වා

මගේ ආචිචි අම්ම කතෝලික සීයා බෞධ්ද මම පොඩි කලේ හැදුනේ ඒ දෙන්න ළඟ. හැම  ජනවාරි  පළවෙනිදා ම  අච්චි මවත් අරන් පල්ලි යනවා මටනම් මහා එපා කරපු දෙයක් තමඉ ඕක මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැ. මම අසම දේ තමි ඉටිපන්දම් පත්තු කරන එක. මම මේ කියන්නේ උව පලාතේ ලස්සන නගරයක් මැද තියන පල්ලියක් ගැන. ඔන්න 2000 ජනවාරි පළවෙනිදා ආච්චි අම්ම මාව අරන් පල්ලි ගියා
ඔක්කොම වැඩ ඉවර වෙලා මම ගිය ඉටිපන්දම් ගෙන්න. ඒ  යනකොට පල්ලියේ කොල්ලෝ වගයක් ෆොටෝ ගන්නවා උන්ට වැරැදිලා මගේ ෆොටෝ එකකුත් අරන් එට පස්සේ අපි යන්න හදනකොට ඒ කොල්ලෝ ටික මගේ ලඟට එවිත් එන්ග්ලිෂ් වලින් කිඋව  මල්ලි අපි ඔයාගේ ෆොටෝ එකක් ගත්තා ඔයාගේ ලිපිනය දුන්නොත් එක එවන්නම් කියල අපේ ආචිචි අම්මට් එයාල එක්ක කතා කරා ඒ අය එල්ටීටීඊ එකෙන් පැනල ඇවිත් හමුදාවට බරවෙලා හමුදාවෙන් පුනුරුතපන කඳවුරේ ාපු ලමයි වගයක්  ඔක්කොම අඋරුඩු 18 20 කොල්ලෝ  අපිත් ඒ අයට කතා කරලා අපහු ගෙදර අවා සතියකට පස්සේ ගෙදරට ලිපියක් අවා එකේ තිබ්බේ මගේ ෆොටෝ එකී නෙගටිවේ ඒකඉ 

පාසල් නිවාඩුව ඉවර වෙලා ඔන්න මම අය ඉස්කෝලෙට යනවා ගෙදර කැටිය මව ලස්සන අන්දලා ජීප් එකේ දාලා stf එකේ මාමල 2ක් එක්ක මව ඉස්කෝලෙට යවනවා රටේ කලබල තිබ්බ නිසා මගේ සීයට දීල තිබ්බ ආරක්ෂාවෙන් ටිකක් මටත් හම්බ උනා ඔන්න ඉතින් STF මාමල දෙන්න මව පන්තිය ළඟටම දලා එලියට වෙලා ඉන්නවා මම එනකන් අය මව ගෙදර අරන් යන්න. ඔහොම දවස් ගෙවිල ගියා ඔක්තෝබර් මාසෙ 24 ත් අවා මට තාම ඒ දවස මටකඊ අපි කොල්ලෝ සෙට් එක ඉන්ටෙර්වෙල් ඉවර වෙලා ගණිතය පඩමට රෙඩි වෙනවා එක පාරටම පන්තිය එතුලට පොලිසියේ මාමල 2ක් එක්ක අර STF මාමල දෙන්න එවිත් ගුරුතුමියට හිමින් මොනාද කිඋව කියල ඉවර උන ගමන් teacher බයවෙලා මට කිඋව  පුතා ඔය මේ මාමලත් එක්ක යන්න කියල (මම නම් සිරා හිතුවේ අපේ පලේ කඋරුහරි මෙරිල කියල ) මමත් අතල් එකේ පොත්ටික බග් එකට ගෙන ගියා එදා අපේ ජීප් එකට අමටරව පොලීස් bike 2ක කුත් තිබ්බ ක්ස්ටිය මවත් පටවාගෙන ඒරිය එරිල්ලක් නටරුනේ අපේ පෙට්ටේ තියන හමුදා කඳවුරේ හමුදාවේ ජීප් හිටු කියල යනවා කට්ටිය මර කලබල වෙලා මට ෆුල්ල් උප්සෙට් මොකෝ වෙන්නේ කියල  එතැන ටික වෙලාවක් හිටියම තමය් මට ආරන්චි උනේ අපේ ගෙවල් ළඟ තිබ්බ පුනුරුතපන කඳවුරේට ගමේ මිනිස්සු පහර දීලා කියල
හවස් වෙලා තත්වය සංසුන් උනාම දෑඩි ආරක්‍ෂක රෙකවරණ මෙද මව ගෙදර ගෙනිච්ච යනකොට පේනවා තාමත් ලොකු දුම් වලාවක් අහසට යනවා එදා රැ අපේ ගෙදර යුද්ධ පිටියක් වගේ ආණ්ඩුවේ මෙති ඇමතිලා ඔක්කොම අව වෙච සිද්දිය බලන්න පොලිසියේ මාමල ගමෙන් බයක් විතර අල්ලන් ගියා 

පහුවෙනිදා ආරංචිය අවා ගොඩක් ලමඉ මැරිලා කියල අන්තිමට නඩු ගියා කල් ගිය ඔක්කොම ගියා පොලිසියේ OIC මමාඉ තව 3 දෙනෙකුඉ එල්ලුන් ගහට  ගියා 2006 අය නිදහස් උනා. මගේ අර ෆොටෝ එක ගත්ත කොල්ලෝ ටිකත් එදා මැරිලා තිබ්බ මගේ පුංචි මොලේට එදා උනේ මොකද්ද කියල තේරුනේ නෑ 
අන්තිමට 2002 ආපු UNP ආණ්ඩුව ඔය පුනුරුතපන කඳවුරේ තිබ්බ තැන යොඋන් සෙන්නන්කයට දුන්න 

තවමත් කඋරුවත් දන්නේ නැ එදා මොකද උනේ කියල මෙන්න තියනවා  විකිපීඩියා  එකේ මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු නමුත් මෙතනත් නෑ හේතුව මොකද්ද කියල 100% ඇත්ත හේතුව තමා එකල ආණ්ඩුවේම සිටි ප්‍රබලයකුට මේ පුනුරුතපන කඳවුරේ මෙතනින් ඉවත් කීරීමට තිබ්බ බලවත් උවමනාව. එතන සංචාරක තානායම් කිහිපයක් ඉදිකරන්න ඔහුට උවමන උනා නමුත් මෙම කඳවුර වෙනත් ඉස්තානයකට ගෙනියන්න තරම් ප්‍රබල සාදකයක් ඔහුට තිබ්බේ නැ අවසානයේ ඔහු මෙ කඳවුරේ ප්‍රදාන නිලදාරියා සමග එකතු වෙලා
ගමේ මිනිස්සුන්ව ඇව්ඉස්සුවා අපේ අය්යාලත් ඉතින් අය නැ හරක් රැල වගේ අර බොරුව අහල කඳවුර
ගහන්න ගියා අපරාදේ කියන්න බැ ඒ ඇමති තුමා එයාගේ ගෝලබාලයෝ ඔක්කොම වගේ එවල තිබ්බ ගමේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට පොලිසියේ මාමල හැමදහම වගේ එදත් උසස් අණ පිලිපෙදලා අහිංසක ජීවිත 26ක් නිස්කාරනේ මැරෙන්න ඉඩ දීලා හිටිය
(මේකට වගකියන කස්ටිය  තාම අමැති කම් දරමින් ඉන්නවා )

ප/ලි
මගේ පලවෙනි බ්ලොග් එක ගොඩක් අඩුපාඩු එති වචන ගොඩක් වැරධි අති ඒ සියලුදේම හදාගන්න ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.
අයත් අලුත් පෝස්ට් එකකින් ඔයාලව හමුවෙනකල්  ඔබ සැමට ජය 


comment දාන අයට බොහොම පින් ( ආන්ඩුවට කඩේ යන්නා)
ඔන්න එහෙනම් මම හා හා පුර කියල බ්ලොග් එකක් ලියනවා මේ බ්ලොග් එක ලියන්න මට අදහස අවේ අපේ සඳරු අය්ගේ හිස් අහස  කතන්දරගේ කතන්දර බ්ලොග් පිටුව මාතලන් ගේ මාතලන්  සහ ඇනොනිමස් ආතල් වගේම තව ගොඩක් බ්ලොග් පිටු කියවල තමය්.  ඔය සියලු දෙනාටම හිස නමල මම ආචාර කරලා ඔන්න එහෙනම් මේ බ්ලොග් එක පටන් ගන්නවා මම

මේ බ්ලොග් එකේ ප්‍රදාන අරමුණ වෙන්නේ ලංකාවේ දේශපලනයේ ඔය කඋරුත් නොදන්නා ඇත්ත එලි කිරීම
තේරෙන විදිහට කිඋවොත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලියන දෙකේම රෙදි  ගලවන එක

මගේ ගෙන පොඩි හැදන්දෙන්වීමක්  කරන්නම් පලවෙනි පොස්ට් එක දන්නා කලින්
 මගේ නම - න ප් බ (ඇත්ත නම දන්නා බැ)
වයස       - තවම පොඩි කොල්ලෙක්
පදිංච්ය   - පිටරට